ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්යාලය, බැංකොක්, තායිලන්ත රාජධානිය

இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம் மற்றும் நிரந்தர வதிவிடம், பாங்கொக், தாய்லாந்து இராச்சியம்

The Embassy and Permanent Mission of the Democratic Socialist Republic of Sri Lanka
Bangkok, Kingdom of Thailand

Accredited to the Kingdom of Cambodia, Lao People’s Democratic Republic and
United Nations Economic and Social Commission for Asia and the Pacific (UNESCAP)

Select Page
Blog Post
Home 5 Press Releases 5 His Excellency the President Addressing the Non-Aligned Movement
His Excellency the President Addressing the Non-Aligned Movement
Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

On 22nd July 2024, Ambassador of Sri Lanka to the Kingdom of Cambodia with residence in Bangkok and Permanent Representative to the United Nations Economic and Social Commission for Asia and Pacific (UNESCAP), C.A. Chaminda I. Colonne and Spouse Stephen Senanayake was granted an audience by His Majesty King Preah Bat Norodom Sihamoni of the Kingdom of Cambodia to bid farewell at the Royal Palace in Phnom Penh.

විද්‍යා හා තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයේ දකුණු – දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනයට අප්‍රිකානු, ආසියානු සහ යුරෝපා මහද්වීපික හා ලතින් ඇමරිකානු රටවල් පුරා විසිරුණු සාමාජික රටවල් 47 ක නියෝජනයෙන් පැවැත්වෙන විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභාව ඇමතීමට ලැබීම සැබවින්ම සතුටකි.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළ දා පටන් සාමාජික රටවල් රැසකට ප්‍රතිලාභ අත් වී ඇති බව මම විශ්වාස කරමි. මා දන්නා පරිදි මේ මධ්‍යස්ථානය සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යාභිවර්ධනය සඳහා ජාතික හා කලාපීය විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන සමග සම්බන්ධතා ඇති කිරීම ඇතුළු විවිධ මැදිහත්වීම් තුලින් මේ දක්වා ප්‍රගතියක් අත් කර ගෙන ඇත.

දේශාන්ත විද්‍යා හා තාක්ෂණ ප්‍රජාවට අර්ථවත් දායකත්වයක් දෙමින් 1989 සිට මේ අන්තර් – ආණ්ඩු ආයතනික යාන්ත්‍රණය අඛණ්ඩව හා තිරසාරව මෙහෙයවීම පිළිබඳව ඉන්දියාවේ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයට සුභ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගතිමි.

විද්‍යාව හා තාක්ෂණය පාදක කරගත් සැලසුම්කරණය යනු ලෝකය ගොඩ නැංවීමට හා පරිවර්තනය කිරීමට භාවිත වූවකි. නිසැකවම තාක්ෂණය මේ ගතික ලෝකයේ උද්ගත වන්නා වූ බොහෝ අභියෝගයන්ට පිළිතුරු සපයයි. වර්තමාන කොවිඩ් – 19 වසංගතය හමුවේ ප්‍රමාණවත් සායනික අත්හදා බැලීම් සමග වාර්තාගත කාලයක් තුල විවිධ වර්ගයේ එන්නත් නිපදවීම මානව ජීවිතයෙහි විද්‍යාවට හා තාක්ෂණයට ඉටු කළ හැකි වැදගත් භූමිකාව පෙන්නුම් කිරීම සඳහා සැපයිය හැකි ජීවමාන උදාහරණයකි.

ඉහළ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍යතාව නිසා නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමේ දී අපි බරපතල අභියෝගයනට මුහුණ දෙන බව කවුරුත් දන්නා කරුණකි. ඒ හා සමානව, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, අපගේ නවෝත්පාදන ද සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට අසමත් වෙයි. එබැවින් ගෝලීය ආර්ථිකය තුල අපේ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීම සඳහා අපේ රජය මගේ අධීක්ෂණය යටතේ වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවා ඇත.

මෙබඳු මධ්‍යස්ථානයක් තුලින් තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම නව තාක්ෂණ හඳුන්වාදීමේදී කළ යුතු ප්‍රාග්ධන ආයෝජනය අවම කිරීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් වනු ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි කර්මාන්තය, වැවිලි හා ධීවර වැනි ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හී විද්‍යාත්මක ප්‍රවේශයක් සහ තාක්ෂණික දියුණුව හඳුන්වා දීමට ශ්‍රී ලංකාව දැන් ක්‍රියා කරමින් සිටී. මේ ක්ෂේත්‍රවල අපේ යහභාවිත සෙසු සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් බෙදා හදා ගැනීමට අපි ඉතා කැමැත්තෙමු.

එසේ වුවද, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට නම්, ප්‍රාදේශීය මෙන්ම ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ වීම ඉතා වැදගත්ය. පරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පවතී. වසංගත පරිසරයක ගැටළු නිරාකරණය ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක නව කාර්මික ප්‍රවේශයන් සහිත වැඩසටහන් හඳුන්වාදීම සාමාජික රටවල් අතර සහයෝගීතාව මට්ටම තවදුරටත් ඉහළ නංවනු ඇත.

COVID – 19 වසංගතය උද්ගත කළ අහිතකර බලපෑම් මඟහරවා ගැනීම සඳහා මේ වන විට මුළු ලෝකයම උපාය මාර්ග හා සැලසුම් සම්පාදනය කරමින් සිටී. ශ්‍රී ලංකාව ද ඉන් වෙනස් නොවේ. වාසනාවකට මෙන්, වසංගත රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර මෑතකාලීන වසංගත තත්වය විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්ට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරලාදීමේ දී පර්යේෂකයන්ට, විද්‍යාඥයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ විභවතාවන් විදහා දැක්වීමට වැඩි අවස්ථාවක් තිබෙන බව අපි නිරීක්ෂණය කළෙමු.

මෙම සන්දර්භය තුළ සාමාජික රටවල පොදු අවශ්‍යතා හඳුනාගැනීමට සහ සැමට ප්‍රයෝජනවත්වන සහයෝගී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට NAM S&T මධ්‍යස්ථානයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිය. සාමාජික රටවල වර්තමාන අවශ්‍යතාවන්ට අනුකූලව නව චින්තනයට ඉඩ සැලසීමට හැකි අයුරින් NAM S&T මධ්‍යස්ථානය සිය විෂයය පථය පුළුල් කළයුතු බව මම යෝජනා කරමි.

වසංගත තත්ත්වය නිසා විශේෂයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ අපගේ අවධානය වෙනස් වී ඇති හෙයින් වසංගත වාතාවරණය තුළ තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට අපට හැකි උපරිමයෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය සලකා බැලීමට අවස්ථාව උදාකරගන්නා මෙන් සියලු නියෝජිතයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට මම කැමැත්තෙමි.

අවසාන වශයෙන් NAM S&T මධ්‍යස්ථානය පිහිටුවනු ලැබූ අරමුණු අවබෝධ කර ගැනීම අපේ සාමූහික වගකීම වන අතර, මෙම අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේ වගකීම බැවින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සෑම අංශයකම සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවට මම ඔබට සහතික වෙමි.

15 වන පාලක සභා හමුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

ස්තූතියි.

 

President and the Vice Presidents of the 14th Governing Council
Secretary, Ministry of Technology, Sri Lanka
Director General of NAM S & T Centre
Distinguished Delegates
Ladies and Gentlemen

It is indeed a pleasure to address the 15th Governing Council meeting of the Non-aligned and Other Developing Countries for Science and Technology, with representation from 47 member countries spread over the African, Asian and European continents and Latin American countries to promote South-South cooperation in science and technology.

From the date of inception, I am sure many member states had benefitted by the activities of the NAM S & T Centre. This Centre, as I am made to understand, has so far progressed through various interventions including promotion of mutually beneficial collaboration among member countries and establishing links with national and regional science and technology centres for scientific advancement.

Let me take this opportunity to congratulate the NAM S & T Centre in India for the continuous and sustainable operation of this inter-governmental institutional mechanism from 1989, offering meaningful contributions to the S & T community across borders.

Science and technology-based planning is what was used to build and transform the world. Indeed, technology provides answers to many of the challenges that are taking place in this dynamic world. Current COVID-19 pandemic and the development of different types of vaccines in record time with adequate clinical trials is a living example to show the important role that could be played by science and technology in human life.

It is well known that we face major challenges in introducing new technologies due to high capital investment. Similarly, there is heavy competition developing countries have to face. As a result, our own inventions do not progress much. My government, therefore, has established a separate Ministry for Technology under my purview to introduce new technologies in all feasible sectors enabling us to increase our market share in the global economy.

Exchanging technologies, through a centre of this nature would be a strategic approach to minimize our capital investment in introducing new technologies. Sri Lanka has currently embarked on introducing a scientific approach and technological advancements in major economic sectors such as Information and Communication Technology, agriculture, plantations, and fisheries. We are more than happy to collaborate with other member countries in sharing our best practices in these sectors.

Nevertheless, a country to become a technology-based economy, it is important that local and indigenous technologies are integrated with high-end technologies. Sri Lanka has a proud history of indigenous and traditional technologies that are environmentally friendly. This would further elevate the level of cooperation between member countries specially in introducing and developing new industrial start-ups in several fields including herbal and food technology so as to address issues in pandemic situations.

The entire world is now moving towards developing strategies and plans to overcome the adverse impacts caused by COVID-19. Sri Lanka is no exception. Fortunately, Sri Lanka has a strong health system to handle pandemics and we also observe that the recent pandemic has presented a greater opportunity for the Science, Technology and Innovation (STI) sector, especially to showcase the abilities of researchers, scientists and inventors in meeting immediate needs of health sector.

In this context, the NAM S & T centre could play a greater role in identifying common interests of member countries and create a collaborative mechanism that will be beneficial to all. I propose that the NAM S & T centre expands its scope to accommodate new thinking in line with current requirements of member countries.

I would also like to make a special request to all delegates to consider deliberating how best we can collaborate in reaching our sustainable development goals within this pandemic situation, particularly in the area of climate change since our focus has shifted due to the recent pandemic.

Finally, realizing the mandate of the NAM S & T centre is our collective responsibility, and it is incumbent upon us to continue the operation of this inter-governmental mechanism and I assure you that Sri Lanka is committed to collaborate in all aspects that are mutually beneficial.

I wish all success to the 15th Governing Council Meeting.