Sri Lanka and Thailand to Strengthen Labour Cooperation with Signing of Landmark Agreements
Sri Lanka and Thailand further strengthened bilateral cooperation in the field of labour with the signing of a Memorandum of Understanding (MoU) on Labour Cooperation and a Memorandum of Agreement (MoA) on the Employment of Sri Lankan Workers in Thailand today, 14 September 2026, in Bangkok.
“Gem Sri Lanka 2027” Launch Strengthens Sri Lanka – Thailand Gem and Jewellery Cooperation
The Gem Sri Lanka 2027 was unveiled in Bangkok on 06 September 2026, bringing together key stakeholders to promote Sri Lanka’s gem and jewellery industry ahead of its fourth edition in January 2027. The launch was organised by the Ceylon Gem & Jewellery Traders Association (CGJTA).
නව වසරට සුභාසිංසන!
සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන උදාවන 2021 නව වසරට සුභාසිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
සුරක්ෂිත දේශයක් ගොඩනැඟීම උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කෘතවේදීව සිහිපත් කරමු.
නව රජයේ ගෙවී ගිය කාලය ඉතා කෙටි වුව ද එම කාලය ජනතාවගේ අභිලාශයන් සපුරනු පිණිස යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇනහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට අපට හැකි විය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකි ය.
ලොව අන් සියලු රටවල් මෙන් ම කොවිඩ්-19 වෛරසයේ අභියෝගයට අප රට ද මුහුණ දෙමින් ඇත. වෛරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ, රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැය පුරා නිරත මෙහෙවරට අපගේ ප්‍රණාමය හිමි විය යුතු ය.
රජය ද කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නො වැටෙන පරිදි කටයුතු කිරීමට උපරිම මැදිහත්වීම ලබා දෙමින් ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් ඒ සඳහා ලැබෙන සහයෝගය ද සුළුපටු නැත. රට හමුවේ ඇති මෙම අභියෝග නව වසරේ එක්ව ජයගත හැකි ය.
දේශීයත්වයට මුල් තැන ලැබෙන රජයේ ආර්ථික දැක්ම ඔස්සේ රට තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් ඇති වන බව ස්ථීර ය. ඒ තුළ ඔබගේත් රටේත් අනාගතය සෞභාග්‍ය උදාවනු ඇත.
ඉතා ලඝු කරුණු අරබයා තව දුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නැත. අපේ මාතෘභූමිය වෙනුවෙන් අද අප වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ යහපත වෙනුවෙනි. එහෙයින් එක ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට එළැඹෙන නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
අභිමානවත් ශ්‍රී ලාංකික ඔබ සැමට නිරෝගීමත් සුබ නව වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.
අගමැති මහින්ද රාජපක්ෂ
2021.01.01
Prime Minister’s New Year Message
New Year is a hopeful time for all of us, as we bid farewell to 2020, we must welcome the new year with renewed strength and determination.
We are filled with gratitude for the unfaltering support the Sri Lankan people have instilled in our government to create an inclusive, and safe Sri Lanka for all. During the short tenure of our government, we take great pride in being able to recommence solving public grievances, and working towards the betterment of our community. After five years of political stagnation, we were able to restart our social and economic growth amidst a pandemic, and so we appreciate the unwavering support of the Sri Lankan people.
In our shared quest to combat the COVID-19 pandemic, I would like to commend the work done by our dedicated frontline staff.
Healthcare workers, the armed forces, police and security, government officials and staff, volunteers, everyone who has helped our nation reduce the impact of the virus. While 2020 was a difficult year for all of us in Sri Lanka and around the world, this year has been a true test of our spirit.
The Sri Lankan community has showed their true mettle in these difficult times, and as we reflect back on this year, let us all believe that brighter days are ahead of us.
Even though our challenges remain great, the Sri Lankan spirit and perseverance remains greater, and it is this spirit that will enable us to overcome the obstacles of this global pandemic as a nation and inspire our future generations
I wish you all a very happy, safe and prosperous new year!
