ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්යාලය, බැංකොක්, තායිලන්ත රාජධානිය

இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம் மற்றும் நிரந்தர வதிவிடம், பாங்கொக், தாய்லாந்து இராச்சியம்

The Embassy and Permanent Mission of the Democratic Socialist Republic of Sri Lanka
Bangkok, Kingdom of Thailand

Accredited to the Kingdom of Cambodia, Lao People’s Democratic Republic and
United Nations Economic and Social Commission for Asia and the Pacific (UNESCAP)

Select Page
Blog Post
Home 5 Press Releases 5 Sri Lanka Country Statement at the High Level Segment of the 46th Session of the UN Human Rights Council
Sri Lanka Country Statement at the High Level Segment of the 46th Session of the UN Human Rights Council
Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

On 22nd July 2024, Ambassador of Sri Lanka to the Kingdom of Cambodia with residence in Bangkok and Permanent Representative to the United Nations Economic and Social Commission for Asia and Pacific (UNESCAP), C.A. Chaminda I. Colonne and Spouse Stephen Senanayake was granted an audience by His Majesty King Preah Bat Norodom Sihamoni of the Kingdom of Cambodia to bid farewell at the Royal Palace in Phnom Penh.

Statement by Hon Foreign Minister of Sri Lanka High Level Segment of the 46th Session of the UN Human Rights Council 23 February 2021, Geneva.

Full Statement at: https://mfa.gov.lk/fm-23-feb-2021-geneva/

Link to video: https://youtu.be/VBjTxA9lSTU

ශ්‍රී ලංකාවේ ජිනීවා වෙත ප්‍රකාශය (සිංහල අදහස)

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි
සැසිවාරයේ ඉහළ කාණ්ඩය
2021 පෙබරවාරි 22 , ජිනීවාහිදී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමියණි,
මහ කොමසාරිස්තුමියණි,
සම්භාවනීය තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,

මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකල ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත.

දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝදාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ලෝකයේ කෲරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත්, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙනය.

ලෝක නායකයන් දෙදෙනෙකු ඝාතනය කළ, එනම් ශ්‍රී ලංකාවේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයකු සහ දේශසීමාවෙන් ඔබ්බට සිය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය.

එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණුවලින් සමන්විත යෝජනාවක් ගෙන ඒමට එක්ව කටයුතු කළ අතර, අද දවසේ පවා ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍රශීලී රටවල උපකාරයෙන් එය පරාජයට පත් කරන ලදී. හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදැරි කරගත් තවත් යෝජනා මේ කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ඒ හැම අවස්ථාවකදී ම, ඒවායේ ඇති ක්‍රියාපටිපාටි පිළිබඳ අයෝග්‍යතාවන් මෙන් ම එවැනි ක්‍රියාවලීන් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍යයන්ට බලපාන භයානක පූර්වාදර්ශයක් ඇති විය හැකි ආකාරයත් ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේය.

2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30/1 යෝජනාවට සම-අනුග්‍රාහකයන් වශයෙන් සම්බන්ධ විය. ඉටු නොකළ හැකි මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැඳීම් රාශියක් ඊට අන්තර්ගත විය. මෙය ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිස එසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙන එමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට තුඩු දුන්නේය.

2019 නොවැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකාවේ ජනතාව ලබාදුන් අති මහත් ජනවරමෙන් ඔවුන් මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පැහැදිළිවම ප්‍රදර්ශනය විය. මේ ජනවරම පදනම් කරගෙන, මේ කවුන්සිලයේ 43 වැනි සැසියේදී ශ්‍රී ලංකාව යෝජනාවට සම -අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශයට පත් කළෙමි. මේ කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම ඒම අවස්ථාවේදී ප්‍රකාශ කළෙමි.

පවත්නා යාන්ත්‍රණයන් දිගටම පවත්වාගෙන යෑම, ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම, දරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන් ම විස්තරාත්මක යාවත්කාල තොරතුරු ද 2020 දෙසැම්බර් මාසෙයේදී මෙන්ම 2021 ජනවාරි මාසයේදී ද අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සපයා ඇත්තෙමු.

පසුගිය වසර පුරාම කෝවිඩ් -19 නිසා ඇති වූ බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී පවා මේ පියවර ගෙන ඇත . මේ අභියෝග මධ්‍යයේ වුව ද 2020 අගෝස්තු මාසයේදී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයන්ගෙන් එකක් වන අප රටෙහි අප විසින් තුනෙන් දෙකක බලයක් සහිත රජයක් තෝරා පත්කර ගන්නා ලදී.

මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගීත්වය පිළිබඳ හැඟීම තිබියදී වුවද ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කොටස් මේ OHCHR වාර්තාව පදනම් කරගෙන තනි රටක් ඉලක්ක කරගත් තවත් යෝජනාවක් සභාගත කිරීමට අදහස් කිරීම කනගාටුදායකය. ආත්ම ගරුත්වය ඇති ඕනෑම ස්වෛරී රටක අවශ්‍යයෙන් ම අභ්‍යන්තරික වන කරුණු හා පාලනය පිළිබඳ බොහෝ කාරණා ඇතුළත් කරමින්, ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මේ වාර්තාව, සාධාරණීකරණය කළ නොහැකි පරිදි සිය විෂය පථය මෙන්ම පැවරී ඇති කාර්යයද තවදුරටත් පුළුල් කර ඇත.

මේ සභාවේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් මේ ව්‍යාපාරය මේ කවුන්සිලය ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්ම ම උල්ලංඝනය කරන හුදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ස්වයං විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සිලයේ සාමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ට ද මම බාර කරමි. විශේෂයෙන් ම විදේශයන්හි සිදු කරන ලද යුදමය මෙහෙයුම්වලදී නඩු පැවරීමෙන් සිය හමුදා භටයන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන අවස්ථාවකදී ඔවුන්ගේ අභිප්‍රායන්ගේ දෙබිඩි හා කුහක ස්වභාවය මෙයින් පෙනේ. ත්‍රස්තවාදයට එරෙහි අරගලයට මැදි වී සිටින රටවල චිත්ත ධෛර්යය සැලකිය යුතු ආකාරයෙන් නැති කිරීම හැර වෙනත් ප්‍රතිඵලයක් මින් ඇති විය නොහැකිය.

මෙම කවුන්සිලය තුලාව සමබරව දැරිය යුතුය. අනුන්ගේ ප්‍රවාද, ඒකපාර්ශ්වික ක්‍රියා හෝ එක් කෝණයකින් පමණක් බලන සැක කටයුතු මූලාශ්‍ර අනුව කටයුතු නොකර, සිය මෙහෙයුම් මූලධර්මවලට එය අනුකූල විය යුතුය. මේ කවුන්සිලය සමඟ ඇති අපේ අඛණ්ඩ සහයෝගීතාව හා සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන්ම පුළුල් ප්‍රචාරය වෙමින් පවතින බාහිර වශයෙන් මෙහෙයැවෙන උපදෙස් අවධාරණයෙන් ගැනීම තුළ විවිධාකාර අභියෝග ඇති විය හැකිය.

මෙම කවුන්සිලය ද දන්නා පරිදි, මේ කෝවිඩ් -19 ලෝක ව්‍යාප්ත වසංගතයෙන් මිදිමටත්, පීඩාවට පත් ආර්ථිකයන් නඟා සිටුවීමටත් අප දරන ප්‍රයත්නයන්හිදී අප හැම එක්සත්ව සිටිය යුතු, ලෝකයටම තීරණාත්මක වූ අවස්ථාවකි. අපේ අඛණ්ඩ සහභාගීත්වය හා සහයෝගීතාව පිළිබඳ යහපත් ගුණාංගය සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් වුව ප්‍රතික්ෂේප කරමින් අපට සහය ලබා දෙන ලෙසත්, මම මේ කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමි. අපේ විශ්වාසය වන්නේ මේ කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් අපතේ ගොස් ඇති බවත්, එය දක්ෂිණ ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් අධෛර්යමත් කරන පණිවුඩයක් එමඟින් කියවෙන බවත් ය.

කිසිදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්ත වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සිලය තුළින් මතු වන දැඩි ද්වේශයට හා ක්‍රෝධයට වඩා එකමුතුකම ය. ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සිලය විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියකට ගෙන ආ යුතු යැයි අපි දැනුම් දී සිටිමු.

බුදුරජානාන් වහන්සේ වඳාල දහමින් උපුටා දක්වමින් මාගේ ප්‍රකාශය අවසන් කරන්න කැමැත්තෙමි.

“සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා
සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා,
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා”

ආයුබෝවන්!

Sri Lanka Country Statement by Foreign Minister Hon Dinesh Gunawardena
at the High Level Segment of the 46th Session of the UN Human Rights Council
23rd February 2021, Geneva

Madam President,
Madam High Commissioner,
Distinguished Ambassadors,
Ladies and Gentlemen,

As I address you today, the Office of the High Commissioner for Human Rights (OHCHR) has published a report on Sri Lanka accompanied by an unprecedented propaganda campaign on that report.

Sri Lankan heroic armed forces militarily neutralized the LTTE in 2009 after three-decades of conflict. The Sri Lanka Government acted in self-defense to safeguard the unitary state, sovereignty & territorial integrity from the world’s most ruthless separatist terrorist organization.

The LTTE is the only terrorist organization in the world which has killed two world leaders: a serving President of Sri Lanka and a former Prime Minister of India extending its terror beyond the borders of Sri Lanka.

End of terrorism guaranteed the most cherished of all human rights – right to life of all Sri Lankans – Sinhala, Tamil, and Muslims.

Nonetheless hegemonic forces colluded against Sri Lanka in bringing an unsubstantiated resolution against Sri Lanka which was defeated by the support of friendly nations who remain by Sri Lanka’s side even today. Further resolutions were presented to this Council on purely political motives. In each instance Sri Lanka presented the procedural improprieties, and how such processes could set a dangerous precedent affecting all member states of the United Nations.

The Government which assumed office in Sri Lanka in 2015, in a manner unprecedented in human rights fora, joined as co-sponsors of Resolution 30/1 which was against our own country. It carried a host of commitments that were not deliverable and were not in conformity with the Constitution of Sri Lanka. This led to the compromising of national security to a point of reviving terrorist acts on Easter Sunday 2019 causing the deaths of hundreds.

The rejection of this resolution by the peoples of Sri Lanka was clearly manifested in the mandate received by His Excellency President Gotabaya Rajapaksa in November 2019. Based on this mandate I announced at the 43rd session of this Council that Sri Lanka would withdraw from co-sponsorship of the resolution. I also stated that Sri Lanka would remain engaged with the UN system including this Council.

We have provided detailed updates to the OHCHR in December 2020 as well as in January 2021 on the progress of implementation of commitments that Sri Lanka had undertaken such as continuity of the existing mechanisms, appointment of a special commission of inquiry headed by a Supreme Court Judge, achieving the SDGs, progress made in returning lands, demining and creating new avenues of livelihoods.

These steps have been taken even as Sri Lanka was battling the effects of the COVID-19 pandemic for the past one year. In spite of these challenges we held a free and fair general election in August 2020 and elected a new Government with a two-thirds majority in one of Asia’s oldest Parliamentary democracies.

It is regrettable that despite the spirit of cooperation with the HRC and its mechanisms, elements working against Sri Lanka intend to table another country-specific resolution based on this OHCHR Report. This rejected report by Sri Lanka has unjustifiably broadened its scope and mandate further, incorporating many issues of governance and matters that are essentially domestic in any self-respecting, sovereign country.

I leave it to the members and observers of this Council to make their own judgment on whether Sri Lanka represents a situation that warrants the urgent attention of this Council, or if this campaign is essentially a political move that contravenes the very values and principles on which this Council has been established. Particularly at a time when legislation is enacted by some countries to protect their soldiers from prosecution in military operations carried out overseas, only points to duplicity and the hypocritical nature of their motives. This cannot but result in a significant loss of morale among countries engaged in the struggle against terrorism.

The Council must hold the scales even. Not going by hearsay, unilateral action or one angled doubtful sources but adhere to its guiding principles. Insistence on such ever-expanding externally driven prescriptions notwithstanding our continuous cooperation and engagement with this Council can pose numerous challenges.

As the Council is aware this is a critical time to the entire world in the last hundred years where we need to be united in our efforts to overcome the Covid19 pandemic and to revive battered economies. I appeal to the members of this Council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka. We believe that the extent to which the resources and time of this Council has been utilized on Sri Lanka is unwarranted, and carries a discouraging message to the sovereign states of the global South.

The need of the hour, in the face of an unprecedented pandemic, is solidarity rather than rancor and acrimony arising from divisions within this council. In view of the circumstances set out above, we urge that this resolution be rejected by the Council and be brought to closure.

May I conclude quoting the words of Lord Buddha,

“Siyalu sathwayo niduk wethwa, nirogee wethwa, suwapath wethwa”.

May all beings be safe,
May all beings be free from suffering.
May all beings be well and happy.

Ayubowan!