ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්යාලය, බැංකොක්, තායිලන්ත රාජධානිය

இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம் மற்றும் நிரந்தர வதிவிடம், பாங்கொக், தாய்லாந்து இராச்சியம்

The Embassy and Permanent Mission of the Democratic Socialist Republic of Sri Lanka
Bangkok, Kingdom of Thailand

Accredited to the Kingdom of Cambodia, Lao People’s Democratic Republic and
United Nations Economic and Social Commission for Asia and the Pacific (UNESCAP)

Select Page
Blog Post
Home 5 Press Releases 5 We expect the United Nations not to interfere in the internal affairs of the states
We expect the United Nations not to interfere in the internal affairs of the states
Embassy Press Releases / Special Notices
We expect the United Nations not to interfere in the internal affairs of the states
Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

Sri Lanka Ambassador to Cambodia Chaminda Colonne and Spouse Stephen Senanayake was granted a farewell audience by His Majesty King Preah Bat Norodom Sihamoni on 22nd July 2024

On 22nd July 2024, Ambassador of Sri Lanka to the Kingdom of Cambodia with residence in Bangkok and Permanent Representative to the United Nations Economic and Social Commission for Asia and Pacific (UNESCAP), C.A. Chaminda I. Colonne and Spouse Stephen Senanayake was granted an audience by His Majesty King Preah Bat Norodom Sihamoni of the Kingdom of Cambodia to bid farewell at the Royal Palace in Phnom Penh.

2020.09.21 ′′ We expect the United Nations not to interfere in the internal affairs of the states ′′ President says at the Upper Level Conference of the UN. President Gotabhaya Rajapaksa addressing the UN’s upper-level ODI conference through video technology, ′′ We expect from the United Nations not to interfere in the states The world is facing a common and unparalleled threat. ′′ We need United Nations ′′ (United Nation We Need) will give proper attention to the respect for the sovereignty equality of the states and geo-integrity, said Rajapaksa. The President said that by not taking any country as hostage to the needs of a minority, the partnership between member countries and the United Nations as well as the sustainable existence of the United Nations can be achieved. According to the agreement between the United Nations member countries in June 2019, the Upper Level One Day Conference will be held today (21) at 7.45 pm in Sri Lanka at 75 pm in New York. Started with video technology while taking care. President Gotabhaya Rajapaksa addressed the conference around 9.45 pm in Sri Lanka time. Volkan. and United Nations Secretary General Anthonio Gutheras made the first and second statement of the 75th Conference. 180 state leaders addressed the conference through video technology. COVID-19 epidemic has affected the world by deploying economies, health systems of countries. The President said that he was able to successfully face the COVID 19 challenge with an awareness intervention. The President showed that Sri Lanka appointed the National Action Committee for COVID Prevention before identifying the first patient. The Health and Safety Sections and the National and Regional Level Civil Authority were included in the composition. The healing rate of COVID-19 patients in Sri Lanka rises 90 while it is a higher value of global healing rate. ′′ Discovery and health ′′ is the most powerful strength that was a backward to that success, the President said. No COVID infected people have been reported through the country in more than a month, the President said. Sri Lanka is committed to achieving ′′ Dharana Development Theory 2030 The President said that the main priority of his government is to overtake poverty through an agricultural foundation-manufacturing economy. Semi-limitations on imports and providing relief to small and medium-scale entrepreneurs are some of the actions the government took to promote local products early year. The President said that he was able to achieve the expected benefits from it. The President assured that the efforts to strengthen the United Nations organization will be a steadfast to ensure our future as a member of it. Addressing the Upper Level Leader’s Meeting in convention of the 75th United Nations, through video technology. Statement made by President His Excellency Gotabhaya Rajapaksa (2020 September 21) Mr. Chairman, Mr. Secretary General, Mr. Madam, Goodbye! My congratulations to Mr. Volcan Boskir who was elected as the Chairman of the 75th session of the General Board. I am honored to represent the people of Sri Lanka in this historic occasion. Unfortunately, the world today is different than the creators of this honorable council expected 75 years ago. Within months the world has been affected by the COVID-19 epidemic that our economies, health systems, and of course our social stabbing. Sri Lanka was able to successfully face the COVID-19 challenge with an awareness intervention. We appointed the COVID-19 Prevention National Action Committee before Sri Lanka identified the first patient. Our entry was combined with security forces, health as well as national and regional level civil authorities. Sri Lanka’s healing rate of COVID-19 patients exceeds 90 percent and has a high value of global healing rate. Most of our success was the backstage of our powerful strength, ′′ finding and healthy “. No corona infected person has been reported in the country in more than a month. Honorable State Leaders / Leaders, Sri Lanka is committed to achieve the Dharana Development There 2030 The main priority of my government is to overtake poverty through a manufacturing economy with an agricultural foundation. We were able to achieve the expected benefits by semi-limiting imports and providing relief to small and medium-scale entrepreneurs. We are blessed to contribute to the United Nations theory as Sri Lanka celebrates 65 years of membership with United Nations. Sri Lanka has contributed to the United Nations peace operations as well as many programs planned by the organization’s specialized institutions. In an era where the world is facing common and unmatched threat, the word ′′ We need the United Nations ′′ is a proper emphasis on the sovereignty equality of states, respect for geographical integrity and not interfere with internal affairs. I believe it. Honourable, I strongly believe that the partnership between member countries and the United Nations and the sustainability of the United Nations can be achieved to the maximum by not taking any country’s life to the need of a minor. Sri Lanka, as members of the United Nations, will be able to succeed in strengthening this great organization to ensure the future we want. We are bound to do the same responsibility to our people and future generations. Thank you so much
2020.09.21 “රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුවේදී ජනපති කියයි. “රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී. සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. 2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය. මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ කළහ. රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ. කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇත. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයකි. “සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැතැයි ජනාධිපතිතුමා කීය. “ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව ජනාධිපතිතුමා පැවසීය. ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකි. එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සාමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. එක්සත් ජාතීන්ගේ 75 වන සමුළුවට සමගාමීව, ඉහළ පෙළේ රාජ්‍ය නායක හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශය ( 2020 සැප්තැම්බර් 21) සභාපතිතුමනි, මහලේකම්තුමනි, මැතිඳුනි, ආයුබෝවන්! මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ සභාපති ධුරයට තේරී පත් වූ වොල්කන් බොස්කිර් මැතිතුමාට මගේ සුභාශිංසන පළ කරමි. මේ ඓතිහාසික අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි. අවාසනාවකට මෙන්, අද ලෝකය මින් වසර 75 කට පෙර මේ ගෞරවනීය සභාවේ නිර්මාතෘවරු අපේක්ෂා කළ තත්ත්වයට වෙනස්ය. මාස කිහිපයක් ඇතුළත අපේ ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති සහ සැබැවින්ම අපගේ සමාජ අඩපණ කළ පෙර නොවූ විරූ කොවිඩ් – 19 වසංගතයෙන් ලෝකය පීඩාවට පත්ව ඇත. දැනුවත් මැදිහත් වීමක් මගින් කොවිඩ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකිවිය. අප කොවිඩ් – 19 නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළේ ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙරය. අපේ ප්‍රවේශය ආරක්ෂක අංශ, සෞඛ්‍ය මෙන්ම ජාතික හා ප්‍රාදේශීය ම‍ට්ටමේ සිවිල් අධිකාරීන්ගෙන් සංයුක්ත විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගීන් සුව වීමේ අනුපාතය සියයට 90 ඉක්මවන අතර එය ගෝලීය සුව වීමේ අනුපාතයට ඉහළ අගයකි. අපේ සාර්ථකත්වයට බොහෝ සේ පිටිවහලක් වූයේ අපගේ ප්‍රබලම ශක්තිය වන “සොයා ගැනීම හා නිරෝධායනයයි”. යන්න නිසාය. ගත වූ මාසයකට වැඩි කාලය ඇතුලත කිසිදු කොරෝනා අසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැත. ගරු රාජ්‍ය නායක / නායිකාවනි, ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030 සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම මගේ රජයේ ප්‍රධාන අභිමතාර්ථයකි. අප වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග කිහිපයක් වන ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා වසර 65 සමරන අපි එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයට දායක වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමු. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට මෙන්ම සංවිධානයේ විශේෂිත ආයතන සැලසුම් කරන වැඩසටහන් බොහොමයකට දායක වී ඇත. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින මෙවන් සමයක, “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nations We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාවට දක්වන ‍ගෞරවය සහ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම යන පැතිකඩ නිසි අවධාරණයට ලක් කරන බව මම විශ්වාස කරමි. ගරු මැතිඳුනි, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය සහ එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැක්කේ සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් බව මම තර‍යේ විශ්වාස කරමි. එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වන අප අපට අවශ්‍ය අනාගතය සහතික කිරීම පිණිස මෙම ශ්‍රේෂ්ඨ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නෙමු. අපේ ජනතාවට සහ අනාගත පරම්පරාවන්ට එකී වගකීම ඉටු කිරීමට අපි බැඳී සිටින්නෙමු. ස්තූතියි